2022 ළමා දින සැමරුම මහියංගන ජාතික පාසලේදි උත්කර්ශවත් අයුරින් සංවිධානය කෙරිණි.
2022 ඔක්තොම්බර් 01 දිනට යෙදී තිබුණු ළමා දිනය මහියංගන ජාතික පාසල විසින් ඔක්තෝබර් 03 වන දින පාසල් භූමියේ දී සමරනු ලැබුවා. ගුරුවරුන්ගේ විශේෂාංග රැසකින් හා සංගීතය සමගින් ළමුන්ට නිදහසේ විනෝද වීමේ අවස්ථාවද ලබාදීමට විදුහල්පතිතුමා ඇතුලු ගුරු මණ්ඩලය කටයුතු සංවිධානය කර තිබුණා.
තම සිසුන්ව සතුටු කිරීමේ අරමුණින් නැටුම් ගැයුම් මෙන්ම නාට්‍ය අංග වැනි බොහෝ විශේෂාංග රැසක් අප පාසලේ ගුරුවරුන් විසින් ඉදිරිපත් කරන ලදී. එසේම පාසලේ අඹ ගස් සෙවණ පරිශ්‍රයේදී සිසුන් සදහා එළිමහන් සංගීතය සමග විනෝද වීමෙ අවස්ථාවද ලබා දුන් අතර ඔවුන් එයින් බොහෝ සතුටට පත්වූ බවද දැක ගැනීමට හැකියාව ලැබුණා.