අප පාසලේ 6 ශ්‍රේණියේ පටත් උසස් ශ්‍රේණි තෙක් බොහෝ කැපකිරීම් කරමින් සිසු සිසුවියන්ගේ යහපත උදෙසා කටයුතු කළ P.U.කාන්ති ගුරු මෑණියයි ඒ අප පාසලෙන් සමුගත්තේ..
කනිෂ්ඨ ශිෂ්‍යනායක මණ්ඩලයේ මෙහෙයවීම් කටයුතු සිදු කරමින් අවුරුදු 3ක් පුරාවට අප පාසලේ දියුණුව උදෙසා කටයුතු කරමින් උසස් වැඩ පිළිවෙළක් නිර්මාණය කිරීමට ඇය සමත් වූවාය. තවද, ඇය මෙම පාසලේ අවුරුදු 22ක් පුරාවට සේවයේ යෙදුනු අතර අප පාසලේ සහකාර නියෝජ්‍ය විදුහල්පතිනියක් ලෙස කටයුතු කරන ලදි.
තවද පාසලේ විනය භාරව කටයුතු කළ දීප්ති ජයසිංහ ගුරුතුමන් ද මහියංගන ජාතික පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායම පුහුණු කරමින් පාසල වෙනුවෙන් ඉතා විශාල මෙහෙයක් ඉටු කරන ලද අතර ම සිසුන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් කාලය ගත කරන ලදි. ජ්‍යේෂ්ඨ ශිෂ්‍යනායක මණ්ඩලය මෙහෙයවීමේ කටයුතු ද සිදු කරන ලදි.
එලෙස අප පාසලට වටිනා ලෙස උදවු උපකාර කරමින් සහයෝගයෙන් , සිසුන් සමග සතුටින් කාලය ගත කළ P.U.කාන්ති ගුරු මෑණියන් සහ දීප්ති ජයසිංහ ගුරුපියාණන් අප පාසලෙන් නික්ම යාම අප පාසලේ මෙන් ම සිසුන් බොහෝමයකට අති විශාල පාඩුවක් වනු ඇති බව නොඅනුමානය.
ඔවුන් දෙපළ අප පාසලෙන් 2022 දෙසැම්බර් 14 වන දින දී සමුගත්තේ සිසු සිසුවියන් බොහෝමයකගේ දෑසට කදුලු එක් කරමිනි.P.U.කාන්ති ගුරු මෑණියන් සහ දීප්ති ජයසිංහ ගුරුපියාණන් සිදු කළ මෙහෙවර උදෙසා අප පාසලෙන් ඔවුන් දෙපළට වටිනා උපහාරයක් පිරිනමන ලදි. (ඡායාරූප කිහිපයක් පහතින් අමුණා ඇත.)
අප පාසලට මෙතෙක් විශාල සේවාවක් කළ P.U.කාන්ති ගුරු මෑණියන් සහ දීප්ති ජයසිංහ ගුරුපියාණනි ඔබ දෙපළගේ විශ්‍රාම ජීවිතය සාර්ථක වේවා කියා මහියංගන ජාතික පාසලේ සිසු සිසුවියන් වශයෙන් අපි ප්‍රණාමය පුද කරමු.